
අනුරාධපුර එළිමහන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු පළා ගොස් තිබෙනවා.
එළිමහන් සිරකඳවුරේ ආපන ශාලාවේ සේවය කළ රැඳවියන් දෙදෙනකු අද දහවල් මෙලෙස පළාගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා ප්‍රකාශ කළා.
ඉන් එක් අයෙකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචිකරුවෙකු වන අතර අනෙක් රැඳවියා කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
එක් රැඳවියෙකුට මාස 02ක සිරදඬුවමක් සහ අනෙක් රැඳවියාට මාස 6ක සිරදඬුවමක් නියමව තිබූ බව සඳහන්.
පළාගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.