
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා අද දහවල් ලකුණු 178කට දැවී ගියා.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු පන්දුවාර 10යි පන්දු 4කදී ලකුණු 34කට කඩුලු 4ක් දවා ගනු ලැබුවා.
ලහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු කඩුළු 2 බැගින් දවා ගත්තා.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 353ක් පසු පසින් සිටින අතර, ඔවුන් මුළු ලකුණු 200කට අඩුවෙන් පිට පිට දැවී ගිය තුන්වැනි අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 531ක් රැස් කළා.
මේ වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු දෙකක් දැවී ලකුණු 34 ක් ලබා සිටිනවා.