
2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමේ සලකුණු පෙන්වමින් 2.2% ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බව ලෝක බැංකුව පුරෝකථනය කර තිබෙනවා.
ලෝක බැංකුව පෙන්වා දෙන්නේ 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාව මුහුණදුන් බරපතළ ආර්ථික පසුබෑමෙන් පසුව මෙම තත්ත්වය දැකිය හැකි බවයි.
නමුත්, රට තුළ තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, අදායම් අසමානතාවයන් සහ ශ්‍රම වෙළෙඳපොළ ගැටලු පවතින බව ලෝක බැංකුවේ නවතම ද්වි-වාර්ෂික සංවර්ධන ඇගයුම සඳහන් කරනවා.