
උත්සව කාලසීමාව තුළ ව්‍යාජ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.
සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් මේ දිනවල ජනතාව විශාල වශයෙන් විවිධ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින අතර එහිදී විවිධ ජාවාරම්කරුවන් පිළිබඳව ජනතාව කල්පනාකාරී විය යුතු බව පොලීසිය සඳහන් කළා.