
ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකුට මොරගහහේන - මාලොස්ඇල මංසන්ධියේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මොරගහහේන පොලීසිය කියා සිටියේ සිද්ධියෙන් පන්නිපිටිය - කිරිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.
වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව බරපතල තුවාල ලබා සිටි ඔවුන් හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
ඔවුන් දෙදෙනා මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වන බවයි පොලීසිය කියා සිටියේ.
ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
