
සිංහල දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුරගමන් ප්‍රවාහන සේවා මේ වනවිට ආරම්භ කර ඇතැයි ප්‍රවාහන බලධාරීන් පවසනවා.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවන මේ සතියේදී කොළඹ සහ තදාසන්න නගරවල රැකියාවල නියුතු බොහෝ පිරිස් ගම්බිම් බලා යෑම සෑම වසරකම දැකගත හැකියි.
ඔවුන් වෙනුවෙන් මෙවරත් විශේෂ දුරගමන් ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.
ලංකා ගමනාගමන මණ්ඩලය උත්සවය සමය වෙනුවෙන් බස් රථ 1,400ක් ධාවනයට එක්කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ උත්සවය සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුම්රිය 12ක් ධාවනය කිරීමටයි.