
පාකිස්තානයේ ට්‍රක් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.
වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබු ට්‍රක් රථයක් මෙලෙස අනතුරට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අනතුරින් තවත් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.
අනතුර සිදුවන විට ට්‍රක් රථයේ පුද්ගලයින් 60 දෙනෙකු පමණ සිට ඇති බවත් දරුවන්ද සිට ඇති බවත් වාර්තා වනවා.