
දිස්ත්‍රික්ක 13ක් සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවයි.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට තාවකාලික තද සුළං ද හටගනු ඇති බව පෙන්වා දෙනවා.