
ආනයනික ඉන්දීය බිත්තර මිල පහත දැමූ පසුබිමෙක උත්සව සමයේදී දේශීය බිත්තර මිල ගණන් යළිත් වරක් ඉහළ නැංවීමට ව්‍යාපාරිකයින් කටයුතු කර ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.
පසුගිය දිනවල රුපියල් 40ත්, 45ත් අතර අගයක් දක්වා පහත දමා තිබූ දේශීය බිත්තරයක මිල අවුරුදු සමයේදී රුපියල් 50ත්, 60ත් අතර අගයක් දක්වා ඉහළ දමා ඇති බවයි පාරිභෝගිකයින් පවසන්නේ.
අවුරුදු සමයේදී ජනතාවට අවශ්‍ය බිත්තර හිඟයකින් තොරව ලබාදීමේ අරමුණින් ආනයනික බිත්තරයක මිල රුපියල් 42 සිට රුපියල් 36 දක්වා අඩු කිරීමට ලංකා සතොස පසුගියදා පියවර ගනු ලැබුවා.