
අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් බවයි.
සාම්ප්‍රදායික අවුරුද්දට අලුත්වීම කැලැන්ඩර් අවුරුද්දට අලුත් වීම සෘතුවෙන් සෘතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුන්ට ලැබී ඇති අවස්ථාවන් හීදී අලුත් වන බව සිය අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අලුත් අවුරුද්දේ රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යාමට අවශ්‍ය මුලීක සාධකයන් වනුයේ ද සමාජ සබඳතාවය සහ සාමූහිකත්වය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවුඩයෙන් දැනුම් දෙනවා.
මේ අතර, නවමු සංකල්පයන් තුළින් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් ඇරඹිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපගේ දූ දරුවන් සතු වන අතර එම අසිරිය මතු පරපුර උදෙසා රැකදීම අප සැමගේ යුතුකම බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.
අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකාමෙන් අත්වැල් බැදගත යුතු බව සිය අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රට තුළ පවතින නව සාමාන්‍යකරණය අවසන් කර පෙර පැවති ජීවන තත්ත්වයට රට ගෙනයාමේ දැවැන්ත අභියෝගයක් අප සතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.