/
/
title icon
සල්මන්ගේ නිවසට වෙඩි
සල්මන්ගේ නිවසට වෙඩි
Editor
10 months ago
Share:
සල්මන්ගේ නිවසට වෙඩි

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි නිවස දෙසට අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. 

අද අලුයම ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සල්මන් ඛාන්ගේ නිවසට සහ අහසට වෙඩි තබා එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

සල්මන්ගේ නිවසේ පිටත බිත්තිවල වෙඩි සලකුණු 05 ක් ඇති බව සඳහන්. ‍

මුම්බායි පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය පසුගිය වසරේ අනතුරු අඟවා සිටියේ ප්‍රධාන පෙළේ මැර කල්ලියක ප්‍රධාන ඉලක්ක 10 අතර බොලිවුඩ් නළු සල්මන් ඛාන්ද සිටින බවයි. 

පසුගිය වසරේ ඔහුට ලැබුණු තර්ජනාත්මක දුරකතන ඇමතුම් හේතුවෙන් සල්මන් ඛාන්ගේ ආරක්ෂාව තවත් වැඩි කිරීමට මුම්බායි පොලීසිය කටයුතු කර තිබුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required