
වික්ටෝරියා ජලාශයේ දියේ ගිලීමෙන් කාන්තාවක් මියගොස් පිරිමි පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා.
මියගොස් ඇති කාන්තාව 22 හැවිරිදි වියේ පසුවන අතර අතුරුදන්ව ඇති පිරිමි පුද්ගලයා 28 හැවිරිදි වියේ පසුවන බවයි පොලීසිය කියා සිටියේ.
තිහාරිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.
මෙම අඹුසැමි යුවල තෙල්දෙණිය ප්‍රදේශයේ අදාළ කාන්තාවගේ ගම් ප්‍රදේශයට ගිය අවස්ථාවේ කුඹුක්කඳුර ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් තිබෙනවා.
මියගිය කාන්තාවගේ සිරුර මේ වනවිට හමුවී ඇති අතර අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සඳහන්.