
වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මේ වනවිට කමිටුවක් පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙරට විදෙස් සංචිත ඉහළ යෑමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවයි.
මේ වනවිට ආනයනය සීමා කර තිබූ භාණ්ඩ 1500ත්, 2000ත් අතර සංඛ්‍යාවෙන් රැසකම සීමා ඉවත් කර ඇති බවයි රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ.
ඒ අනුව වාහන ආනයනය කිරීම පමණක් මේ වනවිට සීමා කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.