
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසනවා.
ඔහුගේ පුද්ගලික වත්තේ කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටියදී විදුලිසැර වැදීමකින් මෙම මරණය සිදුවී ඇති බවද වාර්තා වනවා.
ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණා.
මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.