
ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ නෞකාව කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කළ නැවක බවයි.
ඒ සිටි පුද්ගලයන් පස්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි තවදුරටත් වාර්තා වන්නේ.
ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.