
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය අද රාත්‍රියේ මතුගම පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.
විදුලිසැර වැදී ඔහු ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූ අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු හැට හතරක්.
තෙවරප්පෙරුම මහතාගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 19 වන සිකුරාදා සිදුකරන බවයි.
පාලිත තෙවරප්පෙරුම මහතාගේ වියෝව සැලවූ මොහොතේ සිට ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයට සහ ඔහුගේ නිවසට රැස්වී තිබුණා.