
විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.
එම පනත් කෙටුම්පත මීළඟ පාර්ලිමේන්තු සභා වාරයට ඉදිරිපත් කරන බවයි සිය x ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ.
පනත් කෙටුම්පතෙහි නීත්‍යානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට සති දෙකක කාලයක් හිමි වන බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා එමගින් පවසනවා.