
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා.
ඔහුට ඇලුම් කළ දහස් සංඛ්‍යාත ජනතාවකගේ සෝ සුසම් මැද තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ජීවත්ව සිටියදී ඔහු විසින්ම තනාගනු ලැබූ සුසාන භූමියේදී වීම විශේෂත්වයක්.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය පෞද්ගලික ඉඩමකදී විදුලිසැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 16 වැනිදා පස්වරුවේදීයි.
ඒ මහතාගේ දේහය රැස්ව සිටි පිරිසගේ සෝ සුසුම් මධ්‍යයේ පෙරේදා රාත්‍රියේ මතුගම යටදොළවත්තේ පිහිටි නිවසට රැගෙන එනු ලැබුවා.
ඒ මොහොතේ සිට ඊයේ රාත්‍රියේත්, අද දවස දවස පුරා තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලනඥයින් හා ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණ සිටියා.