
බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් මේ වන විටත් පුහුණු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.
පසුගිය වසර 3 තුළ බස්නාහිර පළාතේ පොලිස්බල ප්‍රදේශ 25ක ඝීග්‍රයෙන් අපරාධ ඉහළ ගොස් ඇති බව පොලීසිය අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ අතර පසුගිය වසර තුළ රන් මාල කොල්ලකෑම් 846ක්, ගෙවල් බිදුම් 12,125ක් සහ වාහන සොරකම් 1,748ක් වාර්තාවන බව පොලිස් වාර්තා පවසනවා.
එය සමස්ත දිවයිනේම සිදුවූ අපරාධ අතරින් ප්‍රතිශතයක් ලෙස 32%ක්.