
දියතලාව මෝටර් රථ ධාවන තරගාවලිය අතර සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගියා.
පොලීසිය පවසන්නේ මෙම අනතුරත් සමග පැවැත්වීමට නියමිතව තිබූ ඉතිරි සියලු ධාවන තරග මේ වනවිට අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
අනතුරින් තුවාල ලබා පුද්ගලයින් 20 දෙනෙකු නේවාසිකව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
අනතුරින් මියගිය 7 දෙනා අතර 8 හැවිරිදි දැරියකද වන බව පොලීසිය පවසනවා.
එමෙන්ම ධාවන තරගයේ සහයකවරුන් 4 දෙනෙකුද අනතුරින් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.