
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා.
ලිපියක් භාරදෙමින් සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර මහතා මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්.
මෙවැනි විවාද සංවිධාන කිරීම හා සහ සම්බන්ධීකරණය පිළිබඳ ජාත්‍යන්තරව ඇති පුර්වාදර්ශ ද සැලකිල්ලට ගනිමින් මෙම සම්බන්ධීකරණය සහ අනෙකුත් විධිවිධාන සැලසීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට එලෙස ආරාධනා කර තිබෙනවා.