
තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූ කම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
භූ කම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ඉන් සිදු වු හානිය මෙතෙක් වාර්තා වී නැහැ.
මේ මස මුලදී ද තායිවානයේ ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර, එහිදී පසු කම්පන 1,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.