
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් විදේශගතවීමට තැත්කළ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයෙකුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ගුවන්තොටුපොළේ මෑතකදී සවිකළ ස්වයංක්‍රීය හඳුනාගැනීමේ යන්ත්‍රය මගින් මෙම සැකකරුව හඳුනාගෙන ඇති බවයි.