
ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා පසුගිය මස 02 වැනිදා පැවැති තරග විභාගයේ ප‍්‍රතිඵල අනුව බඳවා ගැනිමේ කටයුතු සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔවුන් ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනෙනු ඇති.
අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන මැයි මස 09 වැනිදා දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.