
පාකිස්තානයේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබු රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
"අල් රාසා" නැමති යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 86ක් පමණ වන අතර එහි වටිනාකම රුපියල් කෝටි 600කට අධිකයි.
අත්අඩංගුවට ගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 14දෙනාම බලුකිස්තානයේ පදිංචිකරුවන්.
ඒ අනුව ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා ගුජරාටයේ - පොර්බන්ඩර් වෙත රැගෙනවිත් ඇති බවයි ඉන්දීය මාධ්‍ය තවදුරටත් වාර්තා කළේ.
මෙම වැටලීම සිදුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත්තේ, මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාව වෙත ප්‍රවාහනය කරමින් තිබු බවට ප්‍රථමයෙන් සැක පළ කළත්, පසුව ඒවා ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කරමින් තිබෙන බවට තොරතුරු අනාවරණය කරගත් බවයි.
