/
/
title icon
ජනපතිගෙන් සජිත්ට සහ අනුරට ඇරයුමක්
ජනපතිගෙන් සජිත්ට සහ අනුරට ඇරයුමක්
Editor
11 months ago
Share:
ජනපතිගෙන් සජිත්ට සහ අනුරට ඇරයුමක්

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සමරු රැලිය අමතමින් අද කියා සිටියා.

රැක ගත් ආර්ථිකය කඩා දමන තීරණ ගතහොත් යළිත් ඉන්ධන පෝලිම් සහිත අඳුරු යුගයකට රට ඇද වැටෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ලංකාවේ හොඳම නැකැත් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට මෙන්ම රටට බව පැවසූ ජනාධිපතිවරයා සෑම විටම රට වැටුණු විට ගොඩට ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවද කියාසිටියා.

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් "යළි නොවැටෙන අභිමානවත් රටක්" යන්න තේමා කරගනිමින් මාලිගාවත්තේදී  එජාප මැයි දින සමරු රැළිය පැවැත්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required