
දකුණු සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කර තිබෙනවා.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත්කර ඇති අතර වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
ඔවුන් දෙදෙනා අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර කටයුතු කළ විලී ගමගේ මහතා පසුගිය දා එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට පෙර වයඹ පළාත් අණ්ඩුකාර ධුරයේ කටයුතු කළා.