
ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව බත් පැකැට්ටුව, කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බව එම සංගමයේ සභාපති, හර්ශණ රුක්ෂාන් මහතා පවසනවා.
එසේම, කෙටි ආහාරවල මිල ගණන්ද රුපියල් 10කින් අඩු කර තිබෙනවා.
ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කළත් ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් වෙනස් කර නොමැති බවද එම සංගමය සඳහන් කළා.