
ගෑස් මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව සඳහන් කළා.
ඒ අනුව මේ වන විට රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940ක්.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582 ක් වනු ඇති.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740ක් බවයි සභාපතිවරයා සඳහන් කළේ.
මේ අතර, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ද අඩු කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එහි නව මිල වන්නේ රුපියල් 3,840ක්.
කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර ඇති අතර එහි නව මිල 1,542ක්.