
මධ්‍යම පිලිපීනයේ "ලයිට්" පළාතේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32 ක් පමණ ගිනිකොන දෙසින් කිලෝමීටර් 8 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බව සඳහන්.
පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන්නේ ඊයේ පස්වරු 6.16 ට පමණ සිදු වූ මෙම භූ කම්පනයෙන් පසු කම්පන කිහිපයක්ද හටගෙන ඇති බවයි.
එම පසුකම්පන "ලයිට්" පළාතේ ඇතැම් ප්‍රදේශවලටද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
භූ කම්පන හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසනවා.