
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පුත්‍රයාව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, රිය අනතුරක් සිදුකර අනතුරට ලක්වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකට අදාළවයි.
කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්කරමින් සිටි අයෙකු අනතුරට ලක්වීමෙන් අනතුරුව අනතුරට ලක්වූ පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය විමර්ශන සිදුකර ඇති අතර, අනතුරුවයි සැකකාර ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අනතුරුව සැකකරු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.