
සෞඛ්‍ය වෘත්තීය සමිති නැවතත් මැයි මස 09 වැනිදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබෙනවා.
ආර්ථික යුක්තිය ඉටුනොවීමට අදාළව වෘත්තීය සමිති 72කින් යුත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මීට මාස 4කට පෙරද වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වුණා.
කෙසේ වෙතත්, පසුව එය අප්‍රේල් මාසය තෙක් තාවකාලිකව නවතා දමන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමනා ලබාදෙන බවට වූ ලිඛිත පොරොන්දුව හේතුවෙන්.
මෙතෙක් එම පොරොන්දු නිසි ලෙස ඉටුනොවුන බව දන්වමින් නැවතත් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ.
ඒ අනුව රෝගීන්ට සිදුවන බලපෑම සලකා දීපව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කිරීම වෙනුවට 09 වැනිදා සිට පළාත් වශයෙන් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල රාජකාරියෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
ඒ අනුව මැයි 09 වැනිදා උතුරු මැද පළාත, මැයි 13 වැනිදා මධ්‍යම පළාත, මැයි 14 වැනිදා සබරගමුව පළාත, මැයි 15 වැනිදා වයඹ පළාත, මැයි 16 වැනිදා දකුණු පළාත, මැයි 20 වැනිදා ඌව පළාත, මැයි 21 වැනිදා බස්නාහිර පළාත යනාදී වශයෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනු ඇති.