
ඩුබායි හිදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ්ව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
අධිකරණය මෙලෙස අවසර ලබා දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.
ශ්‍රී ලංකා පොලීසිය කර තිබූ ඉල්ලීමට අනුව ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු මත ඩුබායි හිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.
අවිස්සාවේල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් මන්නා රමේෂ්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දිවයිනට රැගෙන ආ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාරදී ඇත්තේ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයටයි.