
අහුංගල්ල ප්‍රදේශයේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා.
අද රාත්‍රි 7.45ට පමණ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.
වෙඩි ප්‍රහාරයෙන් හිසට සිදුවූ බරපතල තුවාල සහිතව ඔහුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.