/
/
title icon
විදුලි ගාස්තු අඩු කරන යෝජනා තවමත් මණ්ඩලයෙන් නැහැ - උපයෝගීතා කොමිසම
විදුලි ගාස්තු අඩු කරන යෝජනා තවමත් මණ්ඩලයෙන් නැහැ - උපයෝගීතා කොමිසම
Editor
9 months ago
Share:
විදුලි ගාස්තු අඩු කරන යෝජනා තවමත් මණ්ඩලයෙන් නැහැ - උපයෝගීතා කොමිසම

විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී නොමැති බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසනවා. 

අදාළ යෝජනා මැයි මස පළමු වැනිදා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබූ නමුත්, විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත එම කාලය හෙට දින දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිසම පියවර ගනු ලැබුවා. 

ඒ අනුව හෙට දිනට පෙර එම යෝජනා ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී තිබෙනවා. 

අදාළ යෝජනා ලැබීමෙන් අනතුරුව විදුලිබිල අඩු කිරීම සඳහා වන ක්‍රියාදාමය ආරම්භ කෙරෙන අතර විදුලිබිල අඩු කිරීමේ ප්‍රතිශතය ජූලි මාසයේදී ප්‍රකාශ කළ හැකි බවයිඋපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා තවදුරටත් කියා සිටියේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required