/
/
title icon
සභාපතිකමේ වාරණය ඉවත් කරන්නැයි ඉල්ලා මෛත්‍රීගෙන් පෙත්සමක්
සභාපතිකමේ වාරණය ඉවත් කරන්නැයි ඉල්ලා මෛත්‍රීගෙන් පෙත්සමක්
Editor
9 months ago
Share:
සභාපතිකමේ වාරණය ඉවත් කරන්නැයි ඉල්ලා මෛත්‍රීගෙන් පෙත්සමක්

තමාට නිදහස් පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පසුගියදා කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා එමගින් ඉල්ලා ඇත්තේ.

නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මාර්ගයෙන් ගොනුකළ මෙම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතායී.

වගඋත්තරකරු විසින් ගොනුකළ නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය, තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අභියාචනා පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

කොළඹ දිසා අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළ ආකාරය නීතියට පටහැනි වන අතර එය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required