/
/
title icon ඇන්ඩර්සන් 700න් නවතින ලකුණු
ඇන්ඩර්සන් 700න් නවතින ලකුණු
Editor
3 months ago
Share:
ඇන්ඩර්සන් 700න් නවතින ලකුණු

ලොව වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් දවාගෙන සිටින වේගපන්දු යවන්නා වන එංගලන්ත කණ්ඩායමේ ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් පිටියට සමුදීමට සැරසෙන බව වාර්තා වනවා.

ඔහු ටෙස්ට් තරග 187කදී කඩුළු 700ක් දවාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එළඹෙන ටෙස්ට් තරගාවලි සඳහා එංගලන්තය නවක, තරුණ වේගපන්දු යවන්නන් කෙරෙහි අවධානය යොමුකිරීමට තීරණය කිරීම මීට හේතු වී ඇති බවයි.

ඒ බව එංගලන්ත පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් විසින් ඇන්ඩර්සන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

2003 වසරේදී ටෙස්ට් වරම් ලැබූ ඔහු මේ වනවිට 42 හැවිරිදි වියේ පසුවනවා.

ලොව වැඩිම ටෙස්ට් කඩුළු ලබාගත් ක්‍රීඩකයන් අතර පෙරමුණේ සිටින්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් වන අතර ඔහු ලබාගෙන ඇති ටෙස්ට් කඩුළු සංඛ්‍යාව 800ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required