
බලංගොඩ - වැලිගෙපොළ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටි සිසුවියක් බරපතළ තුවා ලබා රෝහල්ගත කර තිබෙනවා.
මාර්ගයේ ධාවනය තිබූ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයකට, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ටිපර් රථයක තිබූ යකඩ බට අතරින් කිහිපයක් අදාළ බස් රථය තුළට විසිවීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් බස් රථයේ සිටි සිසුවියකගේ ගෙල සහ මුහුණ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුව ඇති අතර ඇය ප්‍රතිකාර සඳහා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඇයගේ තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර පළාත් රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
ඉඔුලාමුර ප්‍රදේශයේ සිට බලංගොඩ නගරය දක්වා ධාවනය වෙමින් තිබු එම බස් රථය සහ බලංගොඩ සිට වැලිගෙපොළ දෙසට ධාවනය වෙමින් තිබු යකඩ බට සහිත ටිපර් රථය එකිනෙක පසුකර යෑමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
පොලීසිය සඳහන් කළේ ටිපර් රථ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය සහ අනතුරුදායක ලෙස භාණ්ඩ ප්‍රවාහනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ සහ ටිපර් රථයේ රියදුරන් දෙදෙනා බලංගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.