/
/
title icon
හිටපු ජනපති මහින්දගෙන් නිවේදනයක් - ආණ්ඩුවට රාජ්‍ය සම්පත් විකිණා දමන්නත් එපා කියයි
හිටපු ජනපති මහින්දගෙන් නිවේදනයක් - ආණ්ඩුවට රාජ්‍ය සම්පත් විකිණා දමන්නත් එපා කියයි
Editor
11 months ago
Share:
හිටපු ජනපති මහින්දගෙන් නිවේදනයක් - ආණ්ඩුවට රාජ්‍ය සම්පත් විකිණා දමන්නත් එපා කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එමඟින් ඔහු පෙන්වා දෙන්නේ රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිතිදේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවයි. 

එහි වැඩිදුරටත් දැක්වෙන්නේවත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා වන වියදම් අවම කිරීමට‍ සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සපුරාලීමට බවද පෙනෙන්නට ඇති බවයි. 

මහින්ද රාජපක්ෂ මහතා එමඟින් වැඩිදුරටත් සිහිපත් කර ඇත්තේ වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලින වැඩපිළිවෙළක් බවයි. 

මෙවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි බව පෞද්ගලීකරණයට පක්ෂපාත පාර්ශ්වවලට පවා අවබෝධ විය යුතුය යන්නද එහි සඳහන්. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බවයි. 

e1506fc20701ad6a4e6bead618bd1f33.jpg
849ca5155bcf4ee611308d7fdc9fd741.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required