/
/
title icon
මෛත්‍රී නිදහස් පක්ෂ සභාපති පුටුවට සමුදෙයි - අලුත් සභාපති විජයදාස
මෛත්‍රී නිදහස් පක්ෂ සභාපති පුටුවට සමුදෙයි - අලුත් සභාපති විජයදාස
Editor
9 months ago
Share:
මෛත්‍රී නිදහස් පක්ෂ සභාපති පුටුවට සමුදෙයි - අලුත් සභාපති විජයදාස

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් අද ඉල්ලා අස්වුණා. 

ඒ, පිටකෝට්ටේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයක පැවති නිදහස් පක්ෂ මෛත්‍රී පාර්ශවයේ විධායක සභා රැස්වීමේදීයි.

එහිදී ඔහු ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ නිදහස් පක්ෂ සභාපති ධුරයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඒකමතිකව පත්කර ගනු ලැබුවා. 

එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ වැඩබලන මහලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතා එහිදී පත්කරගෙන තිබෙනවා‍. 

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ චන්ද්‍රිකා පාර්ශවයේ වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා අද පැවති විධායක සභා රැස්වීම කැඳවූ සරත් ඒකනායක මහතා වෙත ලිපියක් යොමු කර තිබුණා.

‍එමඟින් ඔහු පෙන්වා දී තිබුණේ අද කැඳවා තිබූ විධායක සභා රැස්වීම නීත්‍යානුකූල නොවන එකක් බවයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required