
ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදී පස් හැවිරිදි දැරියක මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මග්ගොන - මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි විහිගි නෙතාෂා නමැති දැරියක්.
මෘතදේහය බේරුවල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුතර ශික්ෂණ රෝහලට යොමුකිරීමටයි පියවර ගෙන ඇත්‌තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පයාගල පොලීසිය විසින් පවත්වනු ලබනවා.