
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට බාධා කිරීම සියලු පාර්ශවයන්ට වළක්වාලමින් කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය අද වාරණ නියෝගයක් නිකුත් කළා.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගත් තීරණවලට අනුව එම තීරණ මත පක්ෂයේ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට, වැඩබලන මහලේකම් නීතිඥ කීර්ති උඩවත්ත මහතාට සහ දේශපාලන මණ්ඩලයට අදාළ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලබා දෙන ඉල්ලමින් ඉසුරු අබේවර්ධන සහ සුමිත් විජයමුණි සොයිසා යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයන් දෙදෙනකු විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.
අදාළ පත් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 20 දෙනකු නම් කර ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය මැයි මස 27 වැනිදා පැවැත්වීමට නියමිතයි.