
තිදෙනෙකුට මරු කැඳවූ රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් වූ හමුදා සාමාජිකයන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.
ඒ, වසර 11කට වැඩි කාලයක් සිදුකෙරුණු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි.
ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මඟින් පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින්, එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය නගරයේදී 2013 අගෝස්තු 01 වනදා විරෝධතාවක නිරත වුණා.
පිරිසිදු පානීය ජලය ඉල්ලා සිදුකරන ලද විරෝධතාව හමුදා නිලධාරින් වෙඩි තබා විසුරුවා හැරි අතර එහිදී පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරින් වූ බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන, සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, කෝප්‍රල් ජේ.එම්. තිලකරත්න සහ කෝප්‍රල් ලලිත් ග්‍රේ යන හමුදා සාමාජිකයන්ට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළා.
ඒ, මිනීමැරීම, මිනීමැරීමට තැත් කිරීම, බරපතළ තුවාල සිදුකිරීම හා සුළු තුවාල සිදුකිරීම ඇතුළු අධි චෝදනා 94ක් යටතේයී.
පිටු 242කින් සමන්විත සම්පූර්ණ නඩු තීන්දුව පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයට පත්කළේ, මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, සහන් මාපා බණ්ඩාර සහ රෂ්මි සිංගප්පුලි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් ලෙසින්.