/
/
title icon
මුම්බායි හර්දික්ට තරග තහනමක්
මුම්බායි හර්දික්ට තරග තහනමක්
Editor
9 months ago
Share:
මුම්බායි හර්දික්ට තරග තහනමක්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යාට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සහභාගී වූ අවසන් තරගයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන්.

ඒ අනුව හර්දික් පාණ්ඩ්‍යාට දඩයක් හා එක් තරග තහනමක් පනවා ඇති බව සඳහන්.

එමෙන්ම, කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ටද ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් හෝ තරග ගාස්තුවෙන් 50%ක් නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

අවස්ථා 05කදී අයි.පී.එල්. කිරුළ හිමිකරගෙන ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර තරගාවලියේ ජයගැනීමට හැකිවූයේ නියමිත තරග 14න් 04ක් පමණක් වන අතර ඒ හේතුවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ රැඳී සිටින්නේ අවසන් ස්ථානයේයී.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required