
ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ලබන 22 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය සතියේදී නිකුත් කෙරුණා.
පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියෝග මතයි.
එය ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා විධිවිධාන සැලසීම සඳහා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ඉවත් කිරීම සඳහාද ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ පනත් කෙටුම්පතක් බව එහි වැඩිදුරටත් සඳහන්.