
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඊයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අසර්බයිජාන දේශසීමාවේ අලුතෙන් ඉදිකළ වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස පැමිණි හෙලිකොප්ටර් යානා තුනෙන් එකක් මෙලෙස අනතුරට පත්ව තිබුණා.
මෙම වියෝවත් සමග ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ, එරට උත්තරීතර නායකයා වන අයතොල්ලා අලි කමේනි විසින්.
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහි ඇතුළු කණ්ඩායමේ වියෝව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 131 වැනි වගන්තියට ප්‍රකාරව උප ජනාධිපති මොහොමඩ් මොක්බර්, නව ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
දින 50ක් ඇතුළත නව ජනාධිපතිවරයෙකු පත් කරගන්නා ලෙසට අයතොල්ලා අලි කමේනි විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ සඳහා අන්තර්වාර ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ අධිකරණයේ ප්‍රධානියාගෙන් සමන්විත කවුන්සිලයක් පත් කරන ලෙසටයි ඔහු ඉල්ලීමක් කර ඇත්තේ.