
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ට රිය ධාවන වේගය පැයට කිලෝමීටර 60ක වේගයෙන් පවත්වාගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ රත්නපුර, කෑගල්ල, අනුරාධපුර, මහනුවර, ගාල්ල, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් 19,234 දෙනෙක් පීඩාවට පත්ව සිටිනවා.
පීඩාවට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 4,786 ක්.
එමෙන්ම නිවාස 32කට අර්ධ හානි සිදුව ඇති අතර පවුල් 37ක පුද්ගලයින් 1,140 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.
පවතින තත්ත්වය අනුව බස්නාහිර සහ වයඹ පළාත්වල ඉදිරි පැය 24 දීත් මි.මී.150ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.