
නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමඟ ප්‍රදේශ රැසකට තවදුරටත් අධික වැසි ඇදහැලෙමින් පවතිනවා.
ඒ සමග දිස්ත්‍රික්ක හයක පවුල් 9419 පුද්ගලයින් 35,357 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ වනවිට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයටයි.
කෙසේ වෙතත්, එම දිස්ත්‍රික්කයේ පාසල් අද දිනයේ වසා තැබුණත් හෙට දිනයේ යළිත් සුපුරුදු පරිදි විවෘත කිරීමට නියමිතයි.
ආපදාවලට ලක්වූ ප්‍රදේශවල පාසල් විවෘත කරන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට තීරණ ගැනීමේ බලය පවරා තිබෙන බවද බලධාරීන් පවසනවා.