
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පසුගිය තරග සමයේ දඹුල්ල අවුරා කණ්ඩායමේ හිමිකරු මෙන්ම, අවුරා ලංකා සමාගමේ සභාපති විරන්ජිත් තාඹුගල මහතා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කටයුතු කෙරුණේ.
රුපියල් මිලියන 70 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන් නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දුන්නා.
ඔවුන් සිදුකළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විරන්ජිත් තාඹුගල මහතා මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.