
සම්බුදු තෙමගුල සැමරෙන වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට පියවර ගෙන තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විශේෂ කොන්දේසි දෙකක් යටතේ මෙලෙස සිරකරුවන් හට රාජ්‍ය සමාව හිමිවනු ඇති.
ඒ අනුව දිවයිනේ සියලුම බන්ධනාගාරවලින් සිරකරුවන් 278 දෙනෙකු හෙට දිනයේ නිදහස් කිරීමට සැලසුම් කර තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15 දෙනෙකු සහ මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 37 දෙනෙකු මෙලෙස නිදහස් කෙරෙන සිරකරුවන් අතරට අයත් වනවා.
එමෙන්ම නිදහස ලබන සිරකරුවන් අතර කාන්තා රැඳවියන් 10 දෙනෙකුද සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි. බි. දිසානායක මහතා සඳහන් කළා.